Register වීමට උපදෙස්

Category: FAQ
  1. පළමුව ඔබගේ නම අදාල කො‍ටුවේ ඇතුලත් කරන්න.
  2. දෙවනුව ඔබ User Name එක ඇතුලත් කළ යුතුය. මෙසේ ලබා දෙන User Name එක ඔබ මතක තබාගත යුතුයි. නැවත Web අඩවියට Log වීමේදී User Name එක ලබා දිය යුතුයි. එමෙන්ම User Name එක ලෙස ඔබ ලබා දෙන නාමය මෙතෙක් Web අඩවියේ Register වුනු කිසිවෙක් යොදාගෙන නොතිබිය යුතුයි. (වෙනත් අයෙක් ඔබ ඇතුලත් කල නාමය දැනටමත් යොදාගෙන ඇත්නම් “Your username is already taken” ලෙස Error එකක් පැමිණෙන අතර, ඔබට වෙනත් User Name එකක් ලබා දීමට සිදුවේ)
  3. තෙවනුවට ඔබ දුරකථන අංකය ඇතුලත් කළ යුතුයි. (අනිවාර්යය නැත)
  4. ඉන් පසුව ඔබට ඔබගේ ගිණුමේ මුර පදය ඇතුලත් කළ යුතුයි(Password). මේ සඳහා ඇතුලත් කරන මුරපදය ඔබ මතක තබා ගත යුතුය. නැවත Web අඩවියට log වීමට එය භාවිතා කිරීමට සිදුවේ. එමෙන්ම මේ සඳහා ඉලක්කම් හෝ අකුරු 8ක් හෝ වැඩි ප්‍රමානයක් භාවිතා කළ යුතුය. (8කට වඩා අඩු ප්‍රමාණයක් ඇතුලත් කළොත් “Your Password must contain at least 8 characters” ලෙස Error එකක් පෙන්නුම් කරනු ඇත)
  5. ඊට පහලින් ඇති Confirm Password කො‍ටුවේ ඔබ කලින් යෙදූ මුරපදය(password) එලෙසටම යෙදිය යුතුය. (ඔබ Password කො‍ටුවට සහ Confirm password කො‍ටුවට ඇතුලත් කළ වචන දෙක සමාන නොවේ නම් “Your passwords do not match” ලෙස Error පණිවිඩයක් පැමිණේ)
  6. අවසාන කො‍ටුවේදි ඔබ ඔබගේ පන්තිය තේරිය යුතුය. එම කො‍ටුව උඩ වරක් Click කළ විට පන්ති සියල්ල ඊට පහලින් දක්වනු ලැබේ. එතනින් ඔබගේ පන්තිය තේරිය හැක.
  7. ඉහත සියල්ල පුරවා අවසන් නම් පහලින් ඇති Register Button එක Click කරන්න. ඔබ සාර්තකව අප වෙබ් අඩවියේ ලියාපදිංචි වූයේ නම් ඔබව අපගේ මුල් පි‍ටුව (Home Page) වෙත යවනු ලැබේ.

ඉහත සියල්ල කියවා අවසන් නම් අප Web අඩවියේ Register වීමට මෙහි Click කරන්න

One comment

Leave a Reply